සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතු බවද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සදහන් කරයි.

නව ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලික ව්‍යවසායකයින්ටත් නව මාවතක් විවර වෙන බවද කොළඹදී උත්සව සභාවක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

ඒ අනුව රටේ සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ප‍්‍රතිකාර සදහා රජයේ රෝහල්වලට යනවාද පෞද්ගලික රෝහල්වලට යනවාද යන්න තීරණය කිරීමට ජනතාවට හැකි බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page