මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සැල් රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .
ඔවුන් මෙම තැබෑරුම් පවත්වාගෙන යන්නේ වෙනත් නම් යොදා ගනිමින් බවත් මෙවැනි කටයුතු කරන මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් ගැන මේ වන විට තොරතුරු සොයා බලමින් සිටින බවත් ඒ පිළිබඳ තොරතුරු තහවුරුවූ පසු ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
