මූල්‍ය සමාගම් කඩාවැටිම හේතුවෙන් තැන්පත්කරුවන්ට වන හානියට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමය බලපා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (8) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කලා.
අධිකරණ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ….
ඇතැම් මූල්‍ය සමාගම් කඩා වැටීම නිසා විශාල පිරිසකට අසාධාරණකම් සිදුවෙලා තියෙනවා. මේක පසුගිය වසර 20 පුරාම සිදුවුණා. ජනතාව මෙහෙම අසාධාරණයට ලක්වීමට මහ බැංකුවේ ක්‍රියාදාමයක් බලපෑවා.
මේම සමාගම් ලියාපදිංචි ඒව කියල මම බැංකුව වාර්තාවක් ඉදිරිපත් කර ජනතාවට විශ්වාසයක් දෙනවා. එතකොට ජනතාව ඒවායේ මුදල් තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරලා ඒ ආයතන කඩා වැටුණම මුදල් ලැබෙන්නේ නැහැ. පවතින නීතිය තුළ සාධාරණය ඉටු කිරීම අපහසුයි .මේකට විසඳුමක් දෙන්න මමත් උත්සහ කළා. දැන් තියෙන නීති ක්‍රමය තුළ සාධාරණය ඉෂ්ට කරන්න අමාරුයි. නඩු ගිහිල්ලා මුදල් අය කරගන්න ක්‍රියාදාමය හරි දීර්ඝයියි. මේකට නිවැරදි ක්‍රමයක් පාර්ලිමේන්තුව සකස් කළ යුතුයි.
අවුරුදු දහයක් පහළොවක් උසාවිවල රස්තියාදු වුවත් තැන්පත්කරුවන්ට සාධාරණය ඉෂ්ට වෙන්නේ නැහැ. දේපළ අත්පත් කරගෙන ඒවා වෙන්දේසි කර ජනතාවට බෙදා දෙන ක්‍රමවේදයක් ඇති කරන්න අවශ්‍යයි.
