පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා පැන බලපෑමේ කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණය විසින් වරදකරු කර තිබේ.
උන්වහන්සේ වරද පිලිගැනීමත් සමග රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඥානසාර හිමියන්ට නියෝග කරන ලදී.
2014 අප්‍රේල් මස 09 වැනිදා ජාතික බල සේනා සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට මෙසේ උන්වහන්සේ නීති විරෝධී ලෙස ඇතුල් වූ බව පවසමින් මෙම නඩුව ගොනු කර තිබුණි.
