පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලීසිය ට උපදෙස් නිකුත් කර ඇතැයි නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරීන් ප්‍රනාන්දු මහතා විසින් මීට කලකට ඉහත දී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැනුම්දීම සිදු කළේය.

අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතාට අදාළ විමර්ශන කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් ජුනි මස 20 වනදා උපදෙස් ලබා දුන් බවයි.

පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නමුත් පෙත්සමක් ඉදිරියටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා එය ලබන 18 වනදා ජනක් ද සිල්වා මහතා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමටද අධිකරණය තීරණය කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page