තේ කර්මාන්ත ශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොල කිලෝවක් සදහා දැනට අය කරන බදු වලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරිමට රජය කටයුතු කරමින් සිටින බව තේ නිෂ්පාදකයන් කියා සිටියි.

උඩරට සහ පහතරට තේ වතු සමාගම් වලින් සහ කුඩා තේ වතු හිමියන්ගෙන් දැනට බදු මුදල් වශයෙන් අය කරනු ලබන්නේ වාර්ෂික ශුද්ධ ලාභයෙන් 30% මුදලක්.

නව බද්ධ දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සදහා අය කිරිමට යොජනා වි ඇති බවයි තේ වතු සමාගම් වල උසස් නිලධාරින්ද කියා සිටින්නේ.

විදුලි බිල ඉහල යාම , සේවක වැටුප් ඉහල යාම , තේ නිෂ්පාදනය සදහා දරණ පිරිවැය ඉහල යාම හමුවේ තේ කර්මාන්තය වර්තාමනයේ පවත්වාගෙන යනු ලබන්නේ දැඩි අභියෝග හමුවේ බවත් ඔවුන් සදහන් කරයි .

නිමි තේ කොළ කිලෝවක් සදහා නව බද්ධක් අය කිරිමට රජය කටයුතු කලහොත් තේ වගාකරුවන් , නිෂ්පාදකයන් සහ කුඩා තේ වතු හිමියන්ට එම කර්මාන්තයෙන් ඉවත් විමට පවා සිදු වන බවද තේ වතු සමාගම්වල උසස් නිලධාරින් පැවසිය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page