මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් Helowcop සමාගමේ ආයෝජනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය පිළිබඳ මන්ත්‍රීවරයාට චෝදනාවක් එල්ල වී තිබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 15 වැනිදා යලි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ද පොලිසියට නියම කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page