2024 අයවැයෙන් ද මැතිවරණයක් සඳහා මුදල් වෙන් කළහොත් රටට අවශ්‍ය පෙට‍්‍රල්, ඩීසල්, ගෑස් ගෙන්වීමට මුදල් සෙවීම ගැටළුවක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

රටේ ආර්ථිකය ස්ථාවරය කර මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් සොයා ගත යුතු බව ද අනතුරුව ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබෙන බවද ඔහු කියා සිටියි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසන ලදී..

ළඟදී මැතිවරණයක් එනවාදැයි අසන අයට කීමට ඇත්තේ එය බවත් එන සිංහල අලුත් අවුරුද්ද වන විට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය පවතින්නේ නැති බවත් තමන්ගේ මෙම අනාවැකිය ලියා තබා ගන්නා ලෙසත් ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page