බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා.

2016 දි ඉස්ලාම් දහම පිළිබඳව සිදුකල ප්‍රකාශයක් හෙතුවෙන් 2025 ජනවාරි 10 වන දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් මාස නවයක දඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි.

ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබූණා.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page