..
ක්‍රීඩා සංගම් 05කට කෝටි 3 ට වැඩි මුදලක් ලබාදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව නඩු දැමීම සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන පාර්ලිමේන්තුවේදී විපක්ෂය නැගූ චෝදනා පිළිගත් නිසා අමාත්‍ය රොෂාන් රණසිංහට ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පිරිසක් කුමන්ත්‍රණය කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට ධුරයෙන් ඉවත් වන්න දැනුම් දී ඇති බවත් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අක්‍රමිකතා ගැන ක්‍රියාත්මක නොවී අමාත්‍යවරයාට ඉවත්වන්නැයි දැනුම්දී ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
