ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාව අනුව සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ.
මේ වසරේ අප්‍රේල් මස 21දා විගණනයට ඉදිරිපත් කෙරුණු වාර්තා අනුව 2014 – 18 කාල පරිච්ඡේදයේදී සිදුව ඇතැයි කියන වංචා 15 කින් රුපියල් කෝටි හයකට වැඩි මුදලක්ද 2019 සිට 2023 පෙබරවාරි දක්වා සිදුවී ඇතැයි කියන වංචා 92 කින් රුපියල් කෝටි 17ට වැඩි මුදලක්ද පාඩු වී ඇතැයි ඒම වාර්තාව සදහන් කරයි .
දෙපාර්තමේන්තුවට මෘදුකාංගයක් මිලදී ගැනීම ඇතුළුව ඊ පුවත්පත එළිදැක්වීම සඳහා රුපියල් ලක්ෂ 77 කට වැඩි මුදලක් ද වියදම් කර ඇතත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්ව නැති බව විගණන වාර්තාව හෙළි කරයි
ඊ පුවත්පත දුරකථන යෙදවුම භාවිතා කරන ප්‍රමාණය 21565 ක්වූ අතර එය මුළු සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතරක් ලෙස පහළ මට්ටමක පැවතුණු බවද වාර්තාව සඳහන් කරයි.
මේ අතර සුව බොජුන් හල් හතරක් ඉදිරි කිරීම සඳහා 2020 හා 2021 වර්ෂවලදී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කර ඇතත් මේ වසරේ මාර්තු දක්වාම එම අලෙවිහල් විවෘත කිරීමට නොහැකිව තිබූ බවද විගණන වාර්තාව සඳහන් කර සිටි
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
