ජල බිල්පත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමවේදය යටතේ නිකුත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සැලසුම් කර තිබේ.
එම මණ්ඩලය පැවසුවේ, ලබන මස 01 වෙනිදා සිට මෙම තෝරා ගත් ප්‍රදේශ 4 නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒ කොළඹ දකුණ, මහනුවර දකුණ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නට නියමිතයි.

සම්බන්ධතා 344,697 කට අදාළව දුරකතන අංක 326,124 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇතැයි ද ජල සම්පාදන මණ්ඩලය පැවසීය.

ලබන ජනවාරි මාසයේ සිට මෙම ක්‍රමවේදය ලංකාවේ සෑම ප්‍රාදේශිකයකටම ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page