කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් රචිත
“ද රයිට් අයි ” නම් ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප් 24) සවස කොළඹ ෂැන්ග්‍රිලා හොටලයෙදි සිදු විය.
කෘතියේ පළමු පිටපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අතර අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින්ට කෘතිය පිළිගන්වනු ලැබිණි .
මනූෂ නානායක්කාර මහතා විසින් වසර 23 කට පෙර මාධ්‍යවේදියෙකු ලෙස ආරම්භ කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රන්ථය රචනාකර තිබේ.
වසර 23කට පසු තමන් කම්කරු අමාත්‍යවරයා ලෙස සිටින අවස්ථාවක මෙම පොත එළි දැක්වීමට ලැබීම ගැන මනුෂ නානායක්කාර මහතා සතුටු වෙන බව පවසන ලදී
