අද (01) මධ්‍යම රාත්‍රියෙ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිමට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 365 කි.
ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 417 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 3 කින් ඉහළ දමා ඇත
රුපියල් 359 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 421 ක් ලෙස රුපියල් 62 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 341 ක් වන අතර එහි නව මිල රුපියල් 351 ක් ලෙස රුපියල් 10 කින් වැඩි කර ඇත .
භූමිතෙල් ලිටරයක මිල රුපියල් 11 කින් ඉහළ දමා ඇත
