පැන්ඩෝරා හා පැනමා පත්‍රිකා ඇතුළු නීති විරෝධීව පිටරට සඟවාගෙන සිටින මුදල් මාසයක් හෝ මාස දෙකක් තුළ මෙරටට ගෙන්විය යුතු බව ත් එසේ නොකරන්නේ නම් තමා සතුව ඇති ලැයිස්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බ වත් අධිකරණ අමාත්‍ය නීතිඥ විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පවසයි .
එම මුදල් මෙරටට ගෙන්වීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ඒවා ගෙන්වීමට නියම කරන ලෙස තමා යෝජනා කරන බව ද අමාත්‍යවරයා සදහන් කරයි
ඇතැම් අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන් සතුව ඩොලර් මිලියන 150කට වැඩි මුදල් එසේ තබාගෙන සිටින බවට වාර්තා වී ඇති බවද ඔහු පවසයි .
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ ….
“දැන් මේ වංචා දූෂණ සිදුවෙන ඒවා හා කලින් සිදු වූ ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් 225 ට නෙවේ ජනතාවට අපි කියනවා ඔය ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න කතානායකතුමාගේ ඉඳලා ඒ දහ දෙනාට ඇඟිල්ල දික් කරන්න කියලා.
මීට පස්සේ පාර්ලිමේන්තුව වටලන්න එන්න එපා. ඒ දහදෙනා වටලන්න. අපිත් එන්නම්. විපක්ෂ නායකතුමාත් ඉන්නවා. ඊළඟට වටලන්න අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව. අපිත් එන්නම්. මොක ද අපි දාපු පැමිණිලි තියෙනවා, මුකුත් වෙලා නෑ.
ඒ වගේ ම ඩොලර් බිලියන 9 ක විතර ලංකාවේ මුදල් මිනිස්සුන් පිටරට හංගගෙන ඉන්නවා. ඒ දේපළ මෙහාට ගේන්න පුළුවන්. එතකොට Pandora, Panama පේපර්ස්වල තියෙන සල්ලි ටික මෙහෙට ගෙනාවනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට දෙනවා වගේ තුන් ගුණයක් ගන්න පුළුවන්.
විදේශ ණය මෙහෙ තියෙනවා ඩොලර් බිලියන 41ක්. ඩොලර් බිලියන 56ක් එහෙ තියෙනවා. මං යෝජනා කරනවා නීති විරෝධී විධියට මේ පිටරටවල තියන් ඉන්න සල්ලි මේ රටට ගේන්න කියලා. අපි මාසයක් දෙන්නම්. නැත්නම් දෙකක් දෙන්නම්. පොදු සමාවක් දෙන්නම් මේ සල්ලි ගේන්න, නැත්තම් අපිට තියෙන ලැයිස්තු මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්.
සමහර ඇමතිවරුන්ගේ ලේකම්ලා ඉන්නවා ඩොලර් මිලියන 150ට වැඩිය තියෙනවා කියලා වාර්තා වුණා. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ඒවා ගේන්න කියලා නිර්දේශ කරමු. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්ලා තුන් දෙනා එකතුවෙලා මේක සෙල්ලමකට අරන් තියෙනවා නම් ඒක මේ රටේ ජනතාවට කියනවා. රේගුවෙන් රජයට එන්න තියෙන මුදල්වලින් සියයට හතළිහක්වත් එන්නේ නැහැ. පහුගිය කාලේ ලැයිස්තු පිටින් තහනම් කරා මේවා ගේන්න පිටරටින් තහනම් කියලා. මට පෙන්නලා දෙන්න ගෙන්නපු නැති එක දෙයක්. ඔක්කො ම ගෙන්නුවා.
