තමන් මහෙස්ත්‍රාත්ට තර්ජනය කළා නම් ඒ වෙලාවෙම මාව අත්අඩංගුවට ගන්න තිබුණු බවත් උතුර ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් පිරිවරාගෙන සිටින විට මහෙස්ත්‍රාත්වරයකුට තර්ජනය කරනවා නම් තර්ජනය කරන පුද්ගලයාට මොළේ අමාරුවක් තිබිය යුතු බවත් සරත් වීරසේකර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා .

ඔහු වැඩිදුරටත් සදහන් කරමින් කියා සිටියේ…..

මුලතිව් මහෙස්ත්‍රාත් අස්වී රට ගියා. ඒ ගැන විපක්‍ෂ මන්ත්‍රීවරයෙක් මට චෝදනා කළා.එදා වසර 2000ක් පැරැණි බෞද්ධ විහාර සංකීර්ණයේ දී පොංගල් උත්සවයකට අවසර දුන්නා. එතනදී හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන්ට කතා කරන්න මහෙස්ත්‍රාත් ඉඩ දුන්නා. නමුත් මමත් මගේ අදහස් කියන්න ඉඩ ඉල්ලුවහම රවිහරන්ට අවසර දුන් මහෙස්ත්‍රාත් මට ඉඩ දුන්නේ නෑ. එවිට මම නිශ්ශබ්ද වුණා.

නමුත් මම පාර්ලිමේන්තුවේ දී කිව්වා පොංගල් උත්සවයට ඉඩදීම වැරැදියි කියලා. බෞද්ධ හා හින්දු ආගමිකයන් අතර ගැටුමක් ඇති වෙනවා කිව්වා. මම ඒ මහෙස්ත්‍රාත් සමග කිසිම කතාවකට හෝ ප්‍රශ්නයකට ගියේ නෑ.

සිංහල ජනතාවට උතුරේ පදිංචිවීමට, රැකියාවක් කිරීමට, ව්‍යාපාරයක් කිරීමට බැහැ. මුස්ලිම් ජනතාවටත් එහෙමයි. ඒත් සියයට 52ක් දෙමළ ජනතාව දකුණේ ඉන්නේ සිංහල අය සමග සතුටින්. කාටද අසාධාරණයක් වී ඇත්තේ. ඒ වැරැද්ද පෙන්වන අපිද ජාතිවාදී. උතුරේ පුරාව්ද්‍යා ස්ථාන දිගටම විනාශ කරනවා. පැරැණි චෛත්‍ය බිමට සමතලා කරලා ඒක උඩ ශිව ලිංග තියනවා. මේ තුළ ගැටුමක් ඇතිවෙනවා. මේ තුළ මහෙස්ත්‍රාත් දුන් නියෝගය සාධාරණද?

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ විභාග වන නඩු 5 ක වගඋත්තරකරුවෙක්. ඒ නිසයි නීතිඥ සහය පතලා තියෙනවා. ජීවිත තර්ජන තියෙනවා නම් ඔහුට වරෙන්තුවක් ගන්න තිබුණා. ඔහුගේ බිරිඳත් අධිකරණ සේවා කොමිසමට මහෙස්ත්‍රාත්ට විරුද්ධව පැමිණිලි කරලා. ඉක්මනින්ම මහෙස්ත්‍රාත් පිටවීම ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතුයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page