ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.
මේ වනවිට පැවති වර්ෂා සහිත අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් අඩුවන බැවින් එම දිස්ත්‍රික්කවල පාසල් හෙට දින සිට ආරම්භ කිරීමට කටයුතු කර ඇත .
ඊයේ (09) දින සහ අද (10) එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් වසා තිබුණු අතර මේ වන විටත් ගංවතුරින් යටවි ඇති පාසැල් කිහිපයක් හෙට දිනයෙදි වසා තබබ බව වාර්තා කරයි .
