ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඇති වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශවකරුවකු වන අතර සංචාරක පැමිණීම් ගමනාන්තයක් ලෙසද සදහන් වෙනවා .
ල්
දෙරට අතර ද්වි පාර්ශවික වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම සහිතව 2017 වසරේ ඔස්ට්‍රේලියාව අතර වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුමට අත්සන් තබා ඇත.
එම වෙළඳ ගිවිසුමේ සඳහන් පරිදි වෙළඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවනු පිණිස 2023-10-10 දින සිට ඉදිරි පස් වසර සඳහා එකී ගිවිසුම් දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
