චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් 5 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ඉහළ නැංවීමේ සහ සංචාරක පැමිණීම වර්ධනය කිරීමේ අරමුණින් එම තීරණය ගත් බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි .
මේ වනවිට 2023 වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මිලියනය පසුකර ඇති බවත් මේ වසර අවසන් වන විට ඒය ලක් 15 ක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු කරයි
