එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ඔක්තෝම්බර් 21 වන සෙනසුරාදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පවත්වන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා මේ බව සදහන් කරන ලදී .

රංගේ බණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේ…

අරගලය ඉල්ලු වෙනසට මුල පුරන්නට එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහා සම්මේලනය පවත්වමින් , රටම බලාපොරොත්තු වූ සිස්ටම් වෙනස ඒදා අරගලය පුන පුනා පැවසූ බවත්, ඒ වෙනස කළ යුත්තේ රටේ පාලන බලය හොබවන දේශපාලන පක්ෂය විසින් බවත් සදහන් කරන ලදි .

එක්සත් ජාතික පක්ෂය එම “සිස්ටම් චේන්ජ්” එක කරන්නට සූදානමින් සිටින බවත්, රට ඉදිරියට ගෙන යද්දී ඊට ගැලපෙන ලෙස පක්ෂයට නව ව්‍යවස්ථාවක් මෙම සම්මේලනයේ දී හඳුන්වා දෙන බවද එජාප මහලේකම්වරයා පවසා සිටියා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page