අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වී ඇත .
චිත්‍රපට අධ්යක්ෂවරයකු වන සෝමරත්න දිසානායක ඒවැනි පරස්පර අදහස් ප්‍රකාශ කිරීම රුපවාහිනි නාලිකා දෙකකදි සිදු කර ඇත.
හිරූ රූපවාහිනිය සමග සාකච්චාවකදී ඔහු සඳහන් කරන්නේ අදාළ අනතුර සිදුවී විනාඩි කිහිපයකින් තමන් එම ස්ථානයට ගිය බවත් ඇ ඔහු එහිදී තමන් සමග කතා කළ බවත්ය. තමන්ට අමාරු බවත් රෝහල් ගත කරන්නැයි ඔහු ඉල්ලා සිටි බවද සෝමරත්න මහතා එහිදී පවසා සිටියා
ඔහු සිරස රූපවාහිනි සමඟ සාකච්ඡාවකදී සඳහන් කළේ අදාළ අනතුර සිදු වූ අවස්ථාවේ ජැක්සන් ඇන්තනි මහතා කිසිදු වචනයක් කථා නොකළ බවක් ඇස් ඇරගෙන තමන් දෙස බලා සිටියා පමණක් බවත්ය .
