හොරොයින්, හා හෂිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි තලේමන්නාරම වෙරළ තීරයේ දී ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 34 ක්, හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 254 ක ප්‍රමාණයක් තිබු බවත් එහි වටිනාකම රුපියල් කෝටි 10 ට ආසන්න බවත් නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව ඊයේ අලුයම ඌරුමලේ වෙරළ තිරයේ සිදුකළ හදිසි සේදිසි මෙහෙයුමක දි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සෝදිසි කිරීමේ දී එහි සුක්ෂම ලෙස සඟවා තිබි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

යාත්‍රාවේ පාර්සල් 10 ක මේවා අසුරා තිබු බවත් සැකකරුවන් මේවා මුහුදු මගින් රැගෙන විත් යාත්‍රාවේ සඟවා නාවික හමුදාව දැක පලා යන්නට ඇති බවටත් නාවික හමුදාව සැකකරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page