ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (ඔක්. 23) පෙරවරුවේ සිදුකළ කැබිනට් සංශෝධනයට අනුව සිදුකර ඇති අමාත්‍යවරු පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සිය අප්‍රසාදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒල්ල කර ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින සමයේ ඔහුට එල්ල කළ චෝදනා බොරු චෝදනා බව ද එම චෝදනා බොරු බවට ඔප්පු වී තිබියදීත් ඔහුව ධූරයෙන් ඉවත් කිරීම වැරදි දෙයක් බව ද පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
වත්මන් ජනාධිපතිවරයාට ආණ්ඩුව කරගෙන යෑමට දැවැන්ත සහයෝගයක් ලබා දෙන්නේ පොදුජන පෙරමුණ බව ද ජනාධිපතිවරයා කරන මෙම කාර්ය පිළිබඳ තම පක්ෂය දැඩි කලකිරීමෙන් සිටින බවද ජනාධිපතිවරයාගේ මෙම තීරණය පිළිබඳ ඉදිරියේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත යැයි ද පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සහයෝගය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින්නේ පස් දෙනෙකු වන අතර එවැනි තත්ත්වයක් තුළ එම පක්ෂයේ මන්ත්‍රීන්ට ඇමති ධූර ලබා දීම පිළිබඳ ජනාධිපතිවරයා තවදුරටත් සිතා බැලිය යුතු යැයි ද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කීය. ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පිළිබඳ පොදුජන පෙරමුණ දැඩි අප්‍රසාදය පළ කරන අතර ජනාධිපතිවරයා වුණත් වැරදි දේ කරනවා නම් එය කීමට තම පක්ෂය බිය නොවන බව ද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසීය.
තම පක්ෂය කිහිප අවස්ථාවකදී ම ජනාධිපතිවරයාගෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය ධූර ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද ජනාධිපතිවරයා එම ඉල්ලීම් ඉටු නොකළ බව ද ඒ පිළිබඳ තම පක්ෂය දැඩි කලකිරීමෙන් පසුවන බව ද සාගර කාරියවසම් පක්ෂ ලේකම්වරයා පැවසීය.
ඒ අනුව, කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස ත්, වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ත් ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
එසේ ම මහින්ද අමරවීර කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ත්, රංජිත් සියඹලාපිටිය දැනට දරන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
