ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක්ද, ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ගෝල්ඩන් කී අසාධාරණයක් වූවන්ගේ සංගමය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු මාර්කෝ පෙරේරා මහතා සඳහන් කරන්නේ ලලිත් කොතලාවල මහතාගේ බිලියන දහයක දේපල නීතිඥයන් පිරිසක් විසින් හොර රහසේ පවරා ගෙන ඇති බවයි.
නීතිඥ කණ්ඩායම් විසින් කොතලාවල මහතා හිර කරගෙන ඔහුගේ කාර්යාලයෙ තුල ව්‍යාපාර කටයුතු සිදු කර ඇති බවත් ඔවුන්ගේ නම් ජන්ද නාම ලේඛනයේ පවා ඇතුලත් කරගන ඇති බවත් ඔහු චෝදනා කරයි.
කොතලාවල මහතාගේ දේපළ කිසිවක් කොතලාවල මහත්මියට දැන් හිමි නැති බවත් ඒ ඒ සියල්ල හොර ඔප්පු සකසා පවරා ගෙන ඇති බවත් අන්තර්ජාලය සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ගෝල්ඩන් කී තැන්පත්කරුවනගේ ඒම තැන්පත් මුදල් මේම දේපල විකුණා ලබා දිමට ලලිත් කොතලාවල සිතා ගන සිටි බවත් ඔහු පවසන අතර ඒ පිළිබඳව ඔහු කිහිප වතාවක් ඒම තැන්පත් කරුවන්ට පවසා සිටි බවත් ඔහු සදහන් කරයි .
