පියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් ජීප් රථය සහ එය විකිණීමට භාරගෙන සිටි වාහන අලෙවි සමාගමක කළමනාකාරවයකු දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කළමනාකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හිටපු ඇමැතිවරයකු විසින් සිදුකර ඇති වංචාව හෙළිවී ඇති අතර එම හිටපු ඇමැතිවරයාට අයත් තවත් හොර වාහනයක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත .

ඒසේ නීති විරෝධී අන්දමින් ආනයනය කර රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් ජීප් රථයක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ලියාපදිංචිකර ඇති හිටපු ප්‍රබල ඇමැතිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ද මේ වන විට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ජීප් රථය අලෙවි කිරීමේ කාර්ය භාරගෙන සිටි මධ්‍යම පළාතේ නීතිඥවරියක් සහ එම පළාතේම විශේෂඥ වෛද්‍යවරයකුට එරෙහිවද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට හිටපු ඇමැතිවරයා මෙම ජීප් රථය නීති විරෝධී අන්දමින් මෙරටට ආනයන කර ඇත්තේ ඉකුත් 2008 වර්ෂයේදීය.

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර එය ලියාපදිංචිකර 2022 වර්ෂය වනතුරුම හිටපු ඇමැතිවරයා එය පරිහරණය කර ඇත.

පසුව ඉකුත් 2022 වර්ෂයේදී එම වාහනය හොර රහසේම අලෙවි කිරීම සඳහා වාහන අලෙවි ආයතනයකට භාරදී ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

මෙම ජීප් රථයට ව්‍යාජ ලිපිලේඛන සකස් කර එය ලියාපදිංචි කිරීම සඳහා මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක පිරිසක්ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page