පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පවත්වන බවට එරට මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හමුවී සාකච්ඡා කිරිමෙන් පසු මැතිවරණයට දිනයක් නියම වු බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි .

මේ වන විට පාකිස්තානය ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දි සිටින බවත් මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රමාද වූයේ මෙම අර්බුද හේතුවෙන් බවත් ඒරට ආරංචි මාර්ග සදහන් කර ඇත .

පසුගිය අගෝස්තු 9 වැනිදා ඒරට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කර තිබුණි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page