අද (03) සිට ක්රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්රෑම් එකක් සඳහා රුපියල් 275 ක් සහ පැකට් කළ කිලෝ ග්රෑම් එකක් සඳහා රුපියල් 295 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත .
දුඹුරු සීනි පැකට් නොකළ කිලෝ ග්රෑම් එකක් සඳහා රුපියල් 330 ක් ද පැකට් කළ කිලෝ ග්රෑම් එකක් සඳහා රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබෙනවා.
