අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට තමන් සූදානම් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ ජාතික ජනබලවේගය සෙංකඩගල කොට්ඨාස සමුළුව අමතමින් ය.

ඡන්දෙන් ආණ්ඩු වෙනස් කිරීමට අමතරව සන්නද්ධ අරගලයක් තුලින් ද ආණ්ඩු පෙරලීමට උත්සාහ කළ අවස්ථා රටේ ඉතිහාසයේ දක්නට ඇති බවත් මෙරට ජනතාවට බලය මාරු කිරීම සඳහා ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව ආසියාවේ අනිකුත් රටවලට වඩා අත්දැකීම් ඇති බවද ඔහු පෙන්වා දෙන ලදි.

75 වසරක සාපයෙන් රට මුදාගෙන යහපත් රටක් ගොඩනැගීම නම් රාජ්‍ය බලය ලබාගත යුතුව ඇති බවත් ඒ සඳහා සියලු ජන කණ්ඩායම් පක්ෂය වටා ඒකරාශී විය යුතු බවත් ඔහු පැවසීය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page