ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දීමට තිරණය කර ඇත .

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්.එම්.සේනාරත්න මහතා මාතර හා හම්බන්තොට දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන ලෙස ස්ථාන මාරු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page