2024 වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය හෙට (13) දවල් 12.00 ට මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ වන විට නව අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර හෙට අයවැය කතාව පැවැත්වීමෙන් පසු අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා දින හතක් පැවැත්වේ.

21 දා පස්වරු 6.00 ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර නොවැම්බර් 22 දා ආරම්භ වන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වෙයි. අයවැය විවාදයන් එම දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා පවත්වයි.

අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 ප.ව. 6.00 ට සිදු කරන අතර මෙසේ තුන්වන වර කියවා අයවැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ඒ සඳහා කථානායක අනුමැතිය සහිතව දෙසැම්බර් 27 වන විට එය රටේ නීතියක් බවට පත්වනු ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page