වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ “ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය” යන මාතෘකාව යටතේ පැවති කතිකාවකදී 2024 අයවැය සදහා යෝජනා 10 ක් එළි දක්වනු ලැබ ඇත.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් දළ වශයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 190 ක් පමණ ආදායමක් ලබන වර්ෂය තුල එකතු කර ගත හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.
රඳවා ගැනීමේ බදු අනුපාතික දැනට පවතින සියයට 5 සීමාවේ සිට සියයට 10 දක්වා වැඩි කිරීම, සිගරට් බදු පිළිබඳ 2019 අයවැයෙන් ගෙන ආ යෝජනාව වසරින් වසරට ගැලපෙන අයුරින් කාලානුරූපිව වෙනස් කිරීම, සීනි බදු අඩු කිරීම සහ වෙනස් කිරීම පිළිබඳ විධායක අභිමතය ඉවත් කිරීම, ජාත්‍යන්තර මිල සුත්‍රය අනුව නොව සමස්ත කර්මාන්තය මතම වැඩි කරන ලද බද්දක් සහ වැඩි මිලක් නියම කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිරික්ත ව්යදම අයකර ගැනීම, දේපළ බදු ඇස්තමේන්තු කිරීම සහ අයකර ගැනිම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභ හඳුන්වා දීම, දුප්පතුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට සහනාධාර ලබා දීමේ වඩාත් හොඳ ඉලක්කගත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, වෙළඳාම පහසුකරලීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම, වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීම පිළිබඳ මැඩ්රිඩ් ප්‍රොටොකෝලය හා සම්බන්ධවීම, බැංකු ක්ෂේත්‍රයේ ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග යන යෝජනා වෙරිටේ රිසර්ච් ආයතනය හඳුන්වා දි ඇත .
එක්සත් රාජධානියේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ මහාචාර්ය මික් මුර්, ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත දේවරාජන්, ඔබර්ලින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උදාර පීරිස් සහ වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල්, පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රාජ් ප්‍රබු රාජකුලේන්ද්‍රන්, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මතීෂ අරංගල සහ ප්‍රධාන දත්ත විශ්ලේෂක අශ්වින් පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම කතිකාවට සහභාගී වූහ..
