මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙවර ඉදිරිපත් කල අයවැය යෝජනා ගියවර අයවැය තුළින් ද ගෙන ආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ සිය අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියා .
2023 වසරේ අයවැය තුළින් ඉදිරිපත් කර තිබු යෝජනා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වි නැති බවත් ඒම යෝජනාම නැවත නැවත වතාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සදහන් කරයි.
ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ…
එකම කාරණය දෙපාරක් කියවෙනවා කියලා කියන්නේ එය ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද? නැද්ද? කියන ප්රශ්නය අපිට තිබෙනවා.”
“ඉතින් අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සීමාවෙන අයවැය ප්රකාශනයක් ද කියන කාරණය.”
“ඉදිරි කාලසීමාව තුළ මේ ගැන අධ්‍යයනය කරලා අපි අපේ අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කරන්නම්. අපි බලමු ජනාධිපතිතුමා ඒවා පිළිගනීද කියලා.”
“එතුමා ඇවිත් ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විදියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ තිබෙන්න ඕනේ. සුරංගනා කතා වැඩක් නැහැ.. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.”
