වත්මන් ආර්ථික අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගකිව යුතු පුද්ගලයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

2019 සිටි 2021 කාලය තුළ දී ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවි ඇත බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීරණය කරයි.

මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ,හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර,හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන අයද වේ.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

සුළුතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සඳහන් කළේ තමන් අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට නියම කරන බවයි.

එම පෙත්සම් නිසි නීතිමය කාලසීමාව තුළ ගොනු කර නොමැති වීම ඇතුළු හේතු කිහිපයක් මත පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු ජයවර්ධන සඳහන් කළේය.

බහුතර විනිසුරුවරුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙන්වා දුන්නේ 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාල සීමාව තුළ වග උත්තරකරුවන් වගකිවයුතු නිලතල දරා ඇති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වු බවය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page