පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( Cope ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීමට පාර්ලිමේන්තුව තුල අද දැඩී විරෝධයට ලක් විය.
ඊයේ පොදු ව්‍යාපාර පපිළිබදව කාරක සභාව ඉදිරියේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කැදවු අවස්ථාවේ ඒම රැස්වීම යන අතරේදී කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා රහසිගත සංඥා දිම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්වයක් ඊයේ(15) පෙරවරුවේ ඇතිවිය.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපති වරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
