ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ (UNESCO) අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩි ජන්දයෙන් තෙරී පත්වෙයි.

ඡන්ද හිමි රටවල් 188න් 144 ක් ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්වී ඇති අමාත්‍යවරයා 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර 2008 වර්ෂයේ දී ද මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර දෙවැනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යවරයා ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයකි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page