දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි සහ සිදුවන නීති විරෝධි ක්‍රියාවන් හේතුවෙන් නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා රේගුව සදහන් කරයි.

විදෙස්ගත පුද්ගලයන් විසින් මෙම ක්‍රමවේදය හරහා විවිධ භාණ්ඩ මෙරටට යොමුකරන අතර එම භාණ්ඩ සෘජුවම පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් අදාළ පුද්ගලයන් ගේ නිවෙස් වෙතට යොමුකිරීම මෙමඟින් සිදුවිය

ඒ අනුව දෙසැම්බර් පළමු වැනිදායි පසු නැව්ගත කරනු ලබන භාණ්ඩ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර එම දිනට පෙර නැව්ගත කර ඇති භාණ්ඩ සඳහා එය අදාළ නොවන බව රේගුව සඳහන් කරයි

මෙම ක්‍රමවේදය මඟින් භාණ්ඩ ප්‍රවාහන සමාගම් වෙත නිකුත් කරන භාණ්ඩ අස්ථානගත වීම, බහලුම් විවෘත කිරිම ඇතුළු විවිධ අකටයුතුකම් පිළිබඳ ඇතැම් පාර්ශ්ව ශ්‍රි ලංකා රේගුව වෙත චෝදනා කළ ද ඒවා සිදු කරනු ලබන්නේ මීට සම්බන්ධ අතරමැදි පාර්ශ්ව විසින් බවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව දෙසැම්බර් මස පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ ශ්‍රි ලංකා රේගුවේ සාමාන්‍ය භාණ්ඩ යොමුකිරීමේ ක්‍රමවේදය හරහා මෙරටට එවිය හැකි බව සදහන් වේ.

පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය කිළෝග්‍රෑම් 20ක් පමණ “ඩෝ ටු ඩෝ” භාණ්ඩ සේවා සැපයුම් ක්‍රමවේදය හරහා මෙරටට ගෙන්වා තිබිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එම කරුණු ද එම ක්‍රමවේදය අත්හිටුවීමට හේතු වී ඇත.

විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම වර්තමානයේ දී මෙම ක්‍රමවේදය හරහා සිදු කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවද ශ්‍රී ලංකා රේගුව සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page