ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයනය සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.
ඊයේ (30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අදාල ප්‍රකාශය ලබා දීමට කටයුතු කර ඇත .
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය
ඊයේ අධිකරණය වෙත පැමිණ පිටව යන අවස්ථාවේ සෞඛ්‍ය ලේකම්වරයාට අධිකරණ භූමියේ පිටත රැඳි සිටි පිරිස ඔවුන්ගේ දැඩි විරෝධතාව දක්වන ලදි.
