ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුව තුලදි ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරයි .
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඒ අනුව ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ පිහිටා ඇති ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට බදු ලිපිගොනු සකස් කිරීම සිදු කිරිම සිදු කරයි .
මෙතෙක් බදු ලිපි ගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් තිස් දෙනකු පමණ මේ වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
