තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සියයට 2 ණය පොලී සහනයක් යටතේ ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කරයි.

ඔහු පවසන්නේ වත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය උදෙසා ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් බිලියන 30 ක් වෙන් කර ඇති බවත් ඔහු පැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ ….

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුළු ණය යෝජනා ක්‍රමයක් සඳහා රුපියල් බිලියන 30 ක් වෙන් කර ඇති බවයි .

එමඟින් තරුණ ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සියයට දෙකේ ණය පොලී සහනය යටතේ ලබාදීමට මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තු වන්නේ වත්මන් තරුණ පරපුර ඉදිරි ලෝකයට ගැලපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමයි.

ඒ වගේම ලෝක වෙළඳපොළ 2024-2025 සදහා අත්කම් වෙනුවෙන් බිලියන 789 ක් වැය කිරීමට සූදානම්ව සිටිනවා. ඉන් සියයට 1 ක් අප රට වෙනුවෙන් වෙන්කර ගැනීමට හැකි නම් එය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් බව ඔහු විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page