වාහන විමෝචන පරීක්ෂණ හෙවත් දුම් සහතික පත් නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
වාහන විමෝචන පරීක්ෂණ හෙවත් දුම් සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තිබෙන බැවින් එම සමාගම් දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි
එනිසා විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බවද පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කරයි.
වාහන විමෝචන පරීක්ෂණ සහතික ලබා ගැනීමට අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තියෙනවා.
2008 වර්ෂයේ සිට ආරම්භ කර 2013 වර්ෂය වන විට වායු විමෝචන මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම ආයතන දෙක මගින් සිදුකරන සේවාව පිළිබඳව පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමටත් වෙනස් වූ සමාගම්වලට ද එම අවස්ථාව ලබා දීම සුදුසු බව ඔහු සදහන් කරනවා .
ලංකා ගමනාගමන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලට ද වායු විමෝචන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සුදුසු බවත් යෝජනා කරමින් අමාත්‍යවරයා විසින් විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙනවා.
