ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තංගල්ල කාර්‍යාලයේ දී ඔහු මේ බව සදහන් කල අතර ඒහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා …

දෙසැම්බර් මස 15 වන දා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2 වන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියළු කටයුතු අප සූදානම් කර තිබෙනවා.

එදින දහවල් 1.00 ට මහා සම්මේලනය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් පැමිණිමට නියමිත බව ඔහු සදහන් කලා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලෙස බිම් මට්ටමේ සිට ගොඩනැගී ඉතා කෙටි කලකින් විශාල ජයග්‍රහණ රාශියක් ලබපු පක්ෂයක් ලෙස ජනතාව වෙත ගොස් ජනතාවගේ බලය ලබා ගැනීමට සමත් වූ ජනප්‍රියම පක්ෂය ලෙසත් පොහොට්ටුව පක්ෂය හැදින්විය හැකි බව ඔහු කියා සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page