රාජ්‍ය ආයතන වෙත ගොස් ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්. “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) පවසයි.

ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්, “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) වේ.

පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදී උපාංගයක් ඔස්සේ, ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජනතාවට මෙම සේවාව ලබා ගත හැකි බවත් මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍ය ආයතන නවයක් කේන්ද්‍ර කර ගනිමින් 2022 වසරේ දී සාර්ථකව සිදු කරන ලද බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

සාම්ප්‍රදායික ලෙස රජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබා ගැනීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදිය මෙමඟින් මුළුමනින් ම පාහේ නතර වීම ජනතාවටත්, රාජ්‍ය අංශයටත් වාසි රැසක් අත් කර
ගැනිමටත ජනතාවට කාර්යාල වෙත නො පැමිණ නිවසේ සිට ම මෙම සේවාවන් ලබා ගැනීමට හැකි වීම නිසා කාලය මෙන් ම මුදල් ද ඉතිරි වන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

රාජ්‍ය අංශයේ සේවාවන් ඉතා කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් ජනතාවට ලබා දීමට මෙමඟින් හැකියාව ලැබේන් අතර පුරවැසි දත්තවල සුරක්ෂිත බව තහවුරු වීම හා පෞද්ගලික දත්ත නිරාවරණය නොවීම මෙන් ම සේවා සැපයීමේ දී දත්ත වෙත කඩිනමින් යොමු වීමේ පහසුව ද මේ ඔස්සේ හිමි වේ.

කඩදාසි භාවිතයෙන් තොර වීම නිසා පරිසර හිතකාමී රාජ්‍ය සේවාවකට ද මඟ පෑදෙන අතර කඩදාසි ලේඛන කළමනාකරණ, නඩත්තු කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ ගබඩා බරින් ද රාජ්‍ය සේවා නිදහස් විම රාජ්‍ය වියදම අඩු කිරිමට හැකි වන බවත් පුරවැසියන්ගේ අවශ්‍ය තොරතුරු ඍජු ලෙස ඔවුන් වෙතින් ම ලබා ගත හැකි වීම මඟින් එහි විශ්වසනීයත්වය තහවුරු වීම ද මෙයින් සිදු වේ.

මෙම සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායීව ලබා දීම වඩාත් අ‍ර්ථවත් කිරීමේ අරමුණෙන්, ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂ සන්ධිස්ථානයක් වනු ඇති බව ICTA ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page