මිහින්තලා පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් 252 දෙනෙකු ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සඳහන් කලා.

හමුදාව පන්සල තුළ සිටිම
උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා උන්වහන්සේ කියනවානම් අපි මේ 252 ම අද දවසේ ඉවත් කරගන්න කටයුතු කරනවා.

එහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, හමුදා නිලධාරියෙකුට සිවිල් ඇඳුමින් පන්සලකට යා හැකි බව තමා දැනගත්තේ පෙරේදා නිසා බවත්, විහාරාධිපති හිමියන්ගේ ජීවිත ආරක්ෂාවට එය තර්ජනයක් බව පැවසූ හෙයින් ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක භටයන් ඉවත් කළ බවයි.

මිහින්තල පුදබිමේ මේ වනවිට නාවික හමුදාවේ නිලධාරියෙක් ඇතුළුව 103 දෙනෙකු , හමුදාවේ 48 දෙනෙකු , සිවිල් ආරක්ෂක බළකායේ 100 ක් සමග 252 ක් මිහින්තලා පුදබිමේ නොයෙකුත් වැඩකයුතු කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page