නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන්,
ලබන වසරේ රටේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළත් ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ ආර්ථිකයක් බවට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර සිටියා ..

එහිදී වැඩි දුර අදහස් දැක් වූ රණවක මහතා..

මෙතෙක් කාලයක් වැට් බදු අය නොකල තවත් භාණ්ඩ 97 කට වැට් බදු එකතු කිරීම හේතුවෙන් ඩීසල් ලීටරයක මිල රුපියල් 34 කින් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් පමණ වැඩිවෙන බවත්
ලබන ලබන වසරේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළ ද ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ වන බව ද ඔහු පවසයි .

ආණ්ඩුවට බහුතරය තිබුණ ද මේ ආකාරයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙවැනි බලහත්කාරී අනුමත කිරීම් කර ගැනීමෙන් තමන්ගේ අසංවර අශෝබන කම මේ සමාජයට පෙන් වූ බවත් තමන් ඊට බලගතු විරෝධය පළ කරන බව ද ප්‍රකාශ කළේය..

2022 රාජ්‍ය ආදායම් වලට වඩා 2025 වනවිට ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6.5 කින් වැඩි කරගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බවත් වසර 3 ක් වැනි කෙටි කාළයක් තුළ ලොව කිසිදු රටකට අත්පත් කොට ගත හැකි තත්ත්වයක් බවද මන්ත්‍රිවරයා පැවසූවේය.

තවමත් බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන ආයතනයක් මුදල් අමාත්‍යාංශය ඔවුන්ගේ බලපත් අහෝසි කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු රිසි සේ කරගෙන යන බව ද සඳහන් කළේය.

ඒ නිසා සෑම සතියකම කෝටි 10.6 ක් (දස කෝටි හැට ලක්ෂයක්) රටට අහිමි වන බව ද පෙන්වා දුන්නේය.

ඉලක්කගත බදු ආදායම ලබා ගැනීමට අවශ්‍ය නම් වියදම් කප්පාදු කොට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැනෙන සුළු අයට දැනෙන විදියට කළ යුතු බවත් 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂටත් 2020 අගෝස්තු මාසයේ දී පොහොට්ටුවට ඡන්දය දීමේත් ප්‍රතිඵලයක් ලෙසට සැමට ආදායම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් අහිමි වී ඇති බවත් ඔහු පැවසීය

එක්සත් ජනරජ පෙරමුණ තීරණාත්මක 2024 වර්ෂයේදී මේ රටේ නව නිදහසක් කරා ගෙනයන බලගතු ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් ගොඩනගන බවත්, අයුක්තියට පත් ව සිටින රට පරාධීනත්වයට පත්ව තිබෙන රට ඉන් ගලවා ගැනීම සඳහා බොහෝ ක්‍රම ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page