උසස්වීම් දෙනකොට දෙන්න ඕන ජේෂ්ඨත්වයට නොව දක්ෂතාවයට හා හැකියාවට බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර සිටි .
රත්නපුර දිස්ත්‍රික් ගොවිජනසේවා මධ්‍යස්ථානය ඇගයීමේ ” විභව යාත්‍රා 2023 ” වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ඇඹිලිපිටිය සේචූරියා උත්සව ශාලාවේදී මේ බව පවසා සිටියා.
මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ හොදම ගොවිජන මධ්‍යස්ථානය ලෙස පැල්මඩුලුල ගොවිජනසේවා මධ්‍යස්ථානයත් දෙවැනි ස්ථානය ලෙද කලුතොට ගොවිජනසේවා මදයස්ථානයත් තුන්වන ස්ථානය ලෙස ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයක් පත්විය.
රාජ්‍ය නිළධාරීන් යම් ප්‍රමාණයක් අසාර්තක බවත් මේ රටට තමන්ගේ රාජකාරිය කොතරම් ප්‍රමාණයක් සිදු වුවාද යන බව සිහිපත් කල යුතු බවත් මැරෙන මොහොතේ හරි සිහියයට එන්නේ හම්බකරගත්තු දේපල නොව තමන් සිදු කරපු දේවල් බවත් ඔහු සදහන් කර සිටියා .
උසස්වීම් දෙනකොට දෙන්න ඕන ජේෂ්ඨත්වයට නෙවෙයි. දක්ෂතාවයට හැකියාවට. මේ වෙනස ඇතිකල යුතුයි. අද තරුණයින් වැවිලි ක්ෂේත්‍රයට පෙළඹවිය යුතුයි. එක තරුණයෙකුට එක මිලියනය බැගින් දෙනවනම් රජයේ රැකියා ඉල්ලන එක මම නැති කරනවා.
රාජ්‍ය නිළධාරීන් අස්වැසුම දෙද්දී ඉවත්වුනා ඒකට සහයෝගය දුන්නේ නැහැ. මෙහෙම රජයේ නිළධාරීන් කරද්දී මේ රටට මේ තත්වයේ තියෙන එකක් ලොකු දෙයක් . යැයි ඔහු වැඩිදුරටත් සදහන් කලා.
