දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර කිරීමට හැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බවත් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින් සිතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය(Post Graduate for Research ) ඔහු නමින් නම් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කලා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13දා ආරම්භ කෙරිණි.
මෙරට දිළිඳු දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනිකව ඉහළට ඔසවා තැබීමේ අරමුණින් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
226 වන මහපොළ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක් වන අතර මෙම ප්‍රදර්ශනය දෙසැම්බර් 17 වනදා තෙක් පැවැත්වේ.
නව නිපැයුම්කරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළක් ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් විවිධ වර්ගයේ ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශනය සමන්විතය.
ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් සිසුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද පිළිසඳරක නිරත වු අතර ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා මාර්ගගත පරිත්‍යාග පහසුකම් (online donation facility) සඳහා වන www.eservices.mahapola.lk වෙබ් අඩවිය දියත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.
