කලහකාරීව හැසිරුණැයි චෝදනා ලැබූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ තහනමට ලක්වුණු මන්ත්‍රීවරුන් 33 දෙනකු පහළ මන්ත්‍රී මණ්ඩලයේ වන අතර මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් 45 දෙනකු ඉහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් වේ.

පසුගිය දිනෙක, ඉන්දීය පාර්ලිමේන්තුවේ (ලොක්සභාවේ) ආරක්ෂක වළලු බිඳ දමමින් විරෝධතාකරුන් දෙදෙනකු සභාගර්භයට කඩා වැදී දුම් බෝම්බ දැල්වීම සිදුකරන ලදි .

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කෙරුණේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.

මෙය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශාල තර්ජනයක් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ මධ්‍යම රජය වහා පැහැදිලි කිරීමක් කළ යුතු යැයි විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ විරෝධතා සිදු කරන ලදි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page