ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගන්නේ නම් අවම වශයෙන් තවත් අවුරුදු දහයක ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් හිටපු ක්‍රීඩක වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන පවසයි.
2027 ලෝක කුසලානය සඳහා වඩාත් සුදුසු නායකයා දැන්ම සොයා ගත යුතු බවද තේරීම් කමිටු සාමාජිකයන් වෙනස් කිරීම මගින් සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇති බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කර සිටියා.
ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පහළ සිටි රටවල් දැනටමත් ශ්‍රී ලංකාව පසුකර ඉදිරියට ගොස් ඇති බවත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දේ වෙනස් කළ යුතු බවත් ඔහු සදහන් කර සිටියා
ක්‍රිකට් ක්‍රීඩාවේ කාලාන්තරයක් තිස්සේ විය යුතුව තිබූ වෙනස්වීම් හඳුනා නොගැනීම කනගාටුවට කරුණක් බවත් ඔහු සදහන් කර සිටියා
