ඉදිරියෙදි පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයන් සිවු දෙනකු පිළිබඳව සලකා බලමින් සිටින බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටි.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වු සාගර කාරියවසම් මහතා සදහන් කර සිටියේ එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ද සිටින බවයි.
