ඉන්දියාව ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමත් සමග එරට ලොකු ළුෑණු මිල සියයට 50 කින් පමණ පහත වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඉන්දීයාව ලබන වසරේ මාර්තු 31 දක්වා ලොකු ළුෑණු අපනයනය නිල වශයෙන් තහනම් කර ඇති අතර මේ වන විට ඉන්දීය රුපියල් 39 – 40 අතර වූ ලොකු ලූනු කිලෝ එකක් ඉන්දීය රුපියල් 20 – 21 අතර මිලකට පහත බැස ඇති බවද සදහන් වේ.
ඉන්දීයාව ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීම හේතුවෙන් ඉන්දියාවේ ළුෑණු මිල පහල ගියත් ඉන් ආසියාවේ ජනතාව දැඩි පීඩා විඳින බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
පසුගිය මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් අපනයනය කර ඇති බවත් ලොකු ළුෑණු අපනයනය තහනම හේතුවෙන් ආසියාවේ ළුෑණු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම ආසියානු රටවලට තදින් දැනීමට පටන් ගෙන ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි .
